Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 23:15:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන පසුගියදා යාපනය ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ කර්නල් සේනාවිධායකතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එල්. ඉලංගකෝන් ද සහභාගි වූහ. buy footwear | Air Jordan Sneakers