Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2017 10:18:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට ආධුනික සෙබලුන් 256 ක්

විනයාරක්ෂක පාඨමාලා අංක 71 යටතේ මාස 03 ක කාලයක් පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල සෙබලියන් 256 දෙනෙකු විසිරයාමේ පෙළපාලිය ගිරිතලේ පිහිටි එම බලකා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි සේනාවිධායකගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් ගාමිණි සිරිසේන සහභාගි විය.

මෙහි දි රැස්ව සිටි පිරිස ඇමතු බලකාධිපතිවරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල පොලිස් හේවා භටයෙකුගේ විනය ඉතා උසස් මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබූ අතර, පාඨමාලාවේ දක්ෂතා දැක්වූවන් හට කුසලාන සහ සහතික පත් ප්‍රදානය ද එතුමා විසින් සිදු කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, ආධුනිකයින්ගේ දෙමාපියන් සහ ඥාතින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාඨමාලාවේ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ ;

සෙ/2075683 ආධුනික සෙබල ජෙ.එම්.බී ප්‍රියනාත් දක්ෂතම ආධුනික සෙබලා

සෙ/2075534 ආධුනික කාන්තා සෙබල ඩබ්.වි.ජී.එස්.එම් ආරියරත්න දක්ෂතම ආධුනික කාන්තා සෙබලිය

සෙ/2075782 ආධුනික සෙබල ජි.පි.එම් ගාල්ලගේ දක්ෂත වෙඩික්කරු

සෙ/2075604 ආධුනික කාන්තා සෙබල ජි.ඒ.එච් පුෂ්පකුමාරි දක්ෂතම වෙඩික්කාරිණිය

short url link | New Balance 991 Footwear