Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2024 18:28:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.

එම ඒකකයේ අණදෙන නිලධාරිතුමිය විසින් සංචාරයේ නිරත බලකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ එතුමන් දැනුවත් කළේය.

බලකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් එක්ව සිටියහ.