Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2023 18:43:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

කොට්ටාව උතුර ප්‍රදේශයේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ පාසල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 78 දෙනෙකු වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (05) දින එම සේනාංක මූලස්ථානයේදී නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

එම ශිෂ්‍ය නායක නායිකාවන් සතු ‘නායකත්ව ගුණාංග, කණ්ඩායම් ක්‍රියාකාරකම්, පෞර්ෂත්වය සහ සමාජ ආචාර ධර්ම’ පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන දේශන, ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.

වැඩමුළුව සමාප්තියේ සියලුම ශිෂ්‍ය නායක නායිකාවක් වෙත සහතික පත්‍රයක් ප්‍රදානය කරනු ලැබීය. පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.