Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2020 15:49:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අතර පවතින සහයෝගීතාවය සහ මිත්‍රත්වයට නව මුහුණුවරක් එක් කරමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ යෝගා උපදේශකයින් සමඟ සම්බන්ධ වී ජූනි මස 21 වන දිනට යෙදී ඇති 6 වන ‘ජාත්‍යන්තර යෝගා දින’ සැමරීම් උත්සවයක් අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී පවත්වනු ලැබු අතර අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ විශේෂ පණිවුඩ ඇතුලත් වීඩියෝ ප්‍රදර්ශනය කර මෙම උත්සවය නිල වශයෙන් ආරම්භ කරනු ලැබීනි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අද (21) දින උදෑසන පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා (HE Gopal Baglay) ඇතුළු ඉන්දීය නියෝජිත පිරිස සහ යෝගා උපදේශකවරුන් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගෙන යුද්ධ හමුදා මූලස්ථානය තුළට කැඳවාගෙන එනු ලැබීය. එහිදී, මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ පිළිගැනීමේ දේශනය ඇතුලත් වීඩියෝව ප්‍රදර්ශනය කළ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදී මැතිතුමන්ගේ විශේෂ පණිවිඩයක් ඇතුලත් විඩියෝව ද ප්‍රදර්ශනය කෙරිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික ශක්තිමත්භාවය සහ ඔවුන්ගේ මානසික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා නිතිපතා යෝග අභ්‍යාස භාවිතා කර පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රතිඵල ලැබී ඇති බැවින් මෙම පුරාණ මනස-ශරීර සුව කිරීමේ අභ්‍යාසය නිරූපණය කිරීම සඳහා උපදේශකවරුන්ට සහ හමුදා සාමාජිකයින්ට වේදිකාවේ ඉඩහසර වෙන් වුණි. ශ්‍රී ලංකාවේ මෙම පුරාණ භෞතික කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතීන් අතර ඇති සුහදත්වය සහ යුද්ධ හමුදාවේ කැපවීම හේතුවෙන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ එකඟතාවය මත යුද්ධ හමුදා මූලස්ථානය තුළ ජාත්‍යන්තර යෝග දිනය සැමරීමේ නිල උත්සවය පැවැත්විණි.

යෝග ඉරියව් කිහිපයක් නිරූපණය කිරීමෙන් අනතුරුව, පැමිණ සිටි සියලුදෙනා ඇමතූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර වැදගත්කමක් සහිත මෙම නිල උත්සවය යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරව අත්කරදීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සිය කෘතඥතාව පළ කළේය. සන්නද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින් සඳහා යෝග අභ්‍යාසයේ ප්‍රතිඵල පිළිබඳව පුළුල් දැනුමක් ඇති කිරීම සහ අනාගතයේදී තරුණ තරුණියන් අතර මෙම කලාව හඳුන්වා දීම යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සවයේ අරමුණ වූ බව ලුතිනන් ජෙනරාල් සිල්වා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී, ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතා (HE Gopal Baglay) සියලුදෙනා අමතමින් සිදුකළ කෙටි දේශනයේදී, ‘ජාත්‍යන්තර යෝගා දින’ සැමරුම් උත්සවයට සත්කාරකත්වය සැපයීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තූති පුද කළේය. යුද්ධ හමුදා විධිවිධාන සහ යුද්ධ හමුදාධිපතිතුමන් දැක්වූ උනන්දුව සංකේතවත් කිරීම සඳහා, ඉන්දීය මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට සහභාගීවීම සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දිය මහ කොමසාරිස්තුමන් හට ද විශේෂ සමරු සිහිවටනයක් ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සහ නැගෙනහිර නාවික ආඥා මුලස්ථානයේ, ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා විද්‍යාපීඨයේ භටපිරිස් වෙත දැකබලා ගැනීම සඳහා සජිවීව විකාශය කෙරිණු අතර මෙම උත්සවය සුහද තේපැන් සංග්‍රහයකින් නිමාවට පත්විය.

මෙම වැඩසටහනට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්, ආරක්ෂක උපදේශක ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං මහතා ද සහභාගී වූ මෙම අවස්ථාවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී මිශ්‍රා මහතා සහභාගී විය. යුද්ධ හමුදා මූලස්ථානයේ මිනිත්තු 90 ක් පමණ පැවති ශ්‍රී ලංකාවේ ‘ජාත්‍යන්තර යෝගා දින’ සමාරම්භක උත්සවය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ලොව පුරා සජීවිව විකාශය විය.

ජාත්‍යන්තර යෝගා දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අදහස ප්‍රථම වරට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වර්ෂ 2014 සැප්තැම්බර් 27 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී යෝජනා කරන ලදී. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ තානාපති ගරු අසෝක් කුමාර් මුකර්ජි (Asoke Kumar Mukerji) විසින් වර්ෂ 2015 සිට ජාත්‍යන්තර යෝග දිනය ලෙස ජුනි මස 21 දිනය හඳුන්වා දෙන ලදී.

යෝග යනු ඉන්දියාවේ පූරාණ සම්ප්‍රදායේ අගනා ත්‍යාගයක් වන අතර එය මනස හා ශරීරය අතර එකමුතුකමකි. චින්තනය සහ ක්‍රියාව; සංයමය සහ ඉටුවීම; මිනිසා සහ සොබාදහම අතර සමගිය; මානව වර්ගයාගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පූර්ණ ප්‍රවේශයකි. එය ව්‍යායාමයක්ම නොව, ඔබ, ලෝකය සහ ස්වභාවය සමඟ සමගිය පිළිබඳ හැඟීම සොයා ගැනීමයි. 2014 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයෙන් පසුව ජාත්‍යන්තර යෝග දිනය 2015 ජුනි 21 දින සිට වාර්ෂිකව සමරනු ලැබේ. Mysneakers | Footwear