Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 17:18:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අද (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

නව කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මීට ප්‍රථම 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.