Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2018 18:17:01 Hours

ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අධූණික සෙබලුන් 88 ක් විසිරයයි

මින්නේරිය, ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ අධූණික පුහුණු පාඨමාලා අංක - 72 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරූ ආධුණික සෙබලුන් 88 දෙනෙකු අප්‍රේල් මස 25 වන දින විසිර යන ලදී.

මාස තුනකට අධික කාලයක් සාර්ථකව පුහුණුව ලැබු අධූණික සෙබලුන්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය, ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක මේජර් කේ.ඒ.කේ.එස්. ප්‍රසන්න ගේ ආරාධනයකට අනුව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති සම්බන්ධිකාරක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ඩී.පි.එම්.ටී. උඹයවර්ධන සහභාගි විය.

එම අවස්ථාවේ දී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූවන්ට විශේෂ කුසලාන ද ප්‍රදානය කරනු ලැබීය.

පාඨමාලාවේ සෑම අතින්ම අතීශුර සෙබලාට හිමි සම්මානය සාමාන්‍ය සෙබළ එස්.ඒ.වී.ටි. සෙනෙවිරත්න විසින් හිමි කරගත් අතර හොඳම වෙඩික්කරුට හිමි සම්මානය සාමාන්‍ය සෙබල එච්.ආර්.ඩී.කේ. චන්ද්‍රරත්න විසින් හිමි කරගත්හ.

එමෙන්ම, හොඳම ඛණ්ඩ භාර නිලධාරිට හිමි සම්මානය ලුතිනන් පී.එම්.බී.එන් ධනවංශ විසින් හිමි කරගත් අතර හොඳම ඛණ්ඩ භාර සැරයන් සහ හොඳම පෙළ අණදෙන්නාට හිමි සම්මාන පිළිවලින් වර්ණ සැරයන් එච්.එම්.පී.එම් හේරත් සහ කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.ජි.බී.එස්. කීර්තිසිංහ විසින් හිමි කරගත්හ.

Authentic Nike Sneakers | Nike Shoes