Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2016 17:41:23 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු දාගැබෙහි ඉදිකිරීම් කටයුතු නිම වේ

පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙහි බුදුන්වහන්සේගේ සර්වඥ දාතුන් වහන්සේලා තැන්පත් කොට අභිනවයෙන් ඉදි කරනු ලැබූ දාගැබෙහි කොත සුභ මොහොතින් විවෘත කිරීම සිකුරාදා (5) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සිදු කරන ලදි. පෙර දින (4) සන්ධ්‍යාවේ පැවැති චාම් උත්සවයේ දී සදාතුක කරඩුව විෂයෙහිලා ‘ගිනි පිරිත’ සහ ‘ජල පිරිත්’ සජ්ජායනා කළ අතර, රිදී තහඩු හා අනෙකුත් පූජනීය භාණ්ඩ ද සංකේතාත්මක ධාතු ගර්භයේ තැන්පත් කරනු ලැබීය. එම දාගැබ් වහන්සේ ඉදි කිරීම සඳහා අමු ද්‍රව්‍ය, ශ්‍රමය සහ මූල්‍යාධාර පාබල හමුදා රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සපයන ලදි. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවෙහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි, නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජී.එම්.එන් පෙරේරාගේ සහ ලුතිතන් කර්නල් ටී.එන්.කේ පෙරේරාගේ අසමසම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරනු ලැබීය. ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් මෙම සත්කාර්ය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබීය.latest jordans | Nike Shoes