Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2020 12:57:54 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ඉකුත් සිකුරාදා (31) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු අරඹනු ලැබීය.

පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගැන්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් ඉතා උණුුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන්පසු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් රෙජිමේන්තු වර්ණ හා රෙජිමේන්තු සුරතලා වන කන්ඩුල හස්තිරාජයාද ඇතුලත්ව අභිමානවත් සම්මාන මුරයක් මගින් ආචාර පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් එතුමන් නව ධූරයේ රාජකාරී ආරම්භය සනිටුහන් කළ අතර, එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

පසුව එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පුද කළ අතර, එහිදි සමූහ ඡායාරූපයකට පෙනීසිටීම, සියළු නිලයන් ඇමතීම සහ සියළු නිල තේපැන් සග්‍රහයට සහභාගී වීමද අනු පිළිවෙලින් සිදු කරනු ලැබීය.

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස ද රාජකාරී කරනු ලබන මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර පසුගියදා විශ්‍රාම ලැබු මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අනුප්‍රාප්තික නිලධාරී ලෙස මෙම තනතුර ලබාගන්නා ලදී. එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Sportswear free shipping | Nike Shoes