Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2018 11:24:03 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා අලුත් අවුරුදු උත්සවය පනාගොඩ දී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලද බක් මහ උළෙල පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන රසල් හයින් ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (12) දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි තුෂාරි කුලතුංග මහත්මිය සහභාගි වු අතර ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ. සම්ප්‍රදායානුකුලව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව මෙම බක්මහ උළෙලේ වැඩ කටයුතු ආරම්භ විය.

මෙම බක්මහ උළෙල මැරතන් ධාවන තරග, කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරිමේ තරගය සහ තවත් සම්ප්‍රදායික ජන ක්‍රිඩා සහ විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩාවන්ගෙන් සමන්විත වු අතර එදින සන්ධ්‍යාවේදි රෙජිමේන්තු අධිරිද්ම වාදක කණ්ඩායමේ සංගීතයෙන් සංගීතවත් වු වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මේ අවස්ථාව සදහා එක්ව සිටියහ.

Mysneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE