Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2017 23:27:21 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාව සිය රෙජිමේන්තු දිනය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 28 ක් සපිරිම නිමිත්තෙන් උත්සව මාලාවක් සඳුදා (23) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි විසින් සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, එතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව වන ‘කන්ඩුල’ ඇත්පැටවා පෙරටු කරගත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සමගින් සම්මාන ආචාර පෙළපාලිය පරික්ෂා කරන ලදි.

සම්මාන පෙළපාලියේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ශ්‍රී ලංකා පාබල හමුදා අන්තර් ඒකක සරඹ තරඟාවලියේ හොඳම ඒකකයට සහ හොඳම අණදෙන්නාට හිමි කුසලාන පිරිනැමු අතර, ඒකක පාලන පරික්ෂාවේ දී නිත්‍ය සහ ස්වේච්ඡා හොඳම ඒකකයන් වෙතද මෙහිදි සම්මාන පිරිනමනු ලැබීය.

මීට ඉහතදී, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංවත්සර උත්සවයට සමගාමීව මව්බිම වෙනුවෙන් තම ජිවිත කැපකල පාබල හමුදා වීරෝදාර විරුවන් සිහිකිරීමේ අනුස්මරණ උත්සවයක් සෙනසුරාදා (21) දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු ස්මාරකය අභියස දී එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා පාබල හමදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසකගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සඳුදා දින පැවැති උත්සවයෙන් අනතුරුව රෙජිමේන්තු අධිපතිතුමන් සමඟින් සියලු නිල දිවා භෝජන සංග්‍රයක් පැවැති අතර, පසුව නිලධාරින් සහ සෙසුනිලයින් සමගින් සමුහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියහ.

Mysneakers | UK Trainer News & Releases