02nd November 2023 21:00:42 Hours
‘සේවය කරමි’ යන ආදර්ශ පාඨය පෙරදැරිව ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවට පසුගිය සඳුදා (ඔක්තෝබර් 23) දිනට වසර 142 ක් සැපිරිණි.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 142 වන සංවත්සර සැමරුම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. ඒ සඳහා සම්භාවනීය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ඥාතීන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.
සංවත්සර දිනය යෙදී තිබූ පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 23) දින කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියහ.
එතුමන් අනතුරුව, භටපිරිස් අමතා එහිදී අන්තර් ඒකක සරඹ තරඟාවලියේ සහ වාර්ෂික පාලන පරීක්‍ෂණයේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, පසුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක් වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.
වර්ෂ 1881 දී ශ්‍රී ලංකා පාබල හමුදාව ආරම්භ කල වර්ශයේ සිට මේ දක්වා රටේ ආරක්‍ෂාව වෙනුවෙන් සටන් කර දිවිපිදූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ වීරෝදාර රණවිරුවන් 3744 දෙනෙකුගේ මතකය ආවර්ජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පනාගොඩ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ‘අභිමන් මුදුනත’ රණවිරු සැමරුම් උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 28) දින පැවැත්වූහ.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්, හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ටී.ජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ (විශ්‍රාමික), එම රෙජිමේන්තුවේ විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීය.
On the same day evening, an all-night ‘Pirith’ chanting ceremony invoked blessings on the regiment and an alms-giving the following morning brought the commemorative events to an end. සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ද එදින පැවති අතර, පසුදා උදෑසන පැවැති දානමය පිංකම සමඟින් සංවත්සර උත්සවයේ වැඩසටහන් මාලාව අවසන් විය.