Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2024 15:21:08 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කාර්යයේ නියුතු රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 16) දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගත්තේය.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව සියලුම නිලයන් ඇමතීය.