Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2016 22:30:01 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් ඇගයීමට

පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දී පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ තුර්ය වාදක තරඟාවලියේ දී සරඹ ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ඇගයීමේ උත්සවයක් එම බලමුළුව විසින් සංවිධානය කරන ලදි.

ඒ අනුව මෙම ඇගයීමේ උත්සවය සෙනසුරාදා (26) දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

එම තරඟාවලියේ දී සරඹ ශුරතාවය, දක්ෂතම සරඹ පෙළ අණදෙන්නා, දක්ෂතම සරඹ උපදේශක සහ දක්ෂතම පියවර කෝදු කණ්ඩායම යන ජයග්‍රහණ හිමිකර ගැනීමටශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සරඹ කණ්ඩායම සමත්වූහ.

ජයග්‍රහකයින් වෙත සහතික සහ කුසලාන ප්‍රදානය කිරීමේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ් වික්‍රමරත්න සහභාගි විය.

මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරී, දෙවන අණදෙන නිලධාරී, අනෙකුත් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | シューズ