Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 18:03:19 Hours

ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලට වර්ණ ප්‍රදානය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම සහ එකම සටන් පුහුණු පාසලේ සේවය අගය කරමින් සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සඳුදා (02) දින උදෑසන දියතලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන පුහුණු පාසලේ දී විශේෂ ජනාධිපති වර්ණ ප්‍රදානයක් කරනු ලැබීය.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්විය.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදා කලමණාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද එක්ව සිටියහ.

latest Nike release | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News