Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2020 22:33:24 Hours

ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ සංගමය යුද්ධ හමුදාවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

COVID-19 වසංගතය පාලනය කිරීමට එරෙහි සටනේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට ඉහළම ගෞරවය හා සැලකිල්ල දක්වමින් ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ සේවා සංගමය අද (16) දින දහවල් යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී රුපියල් මිලියන 2 ක් පමණ වටිනා පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ සේවා සංගමයේ සාමාජිකයන් විසින් ඔවුන්ගේ එක්දින වැටුපක වටිනාකමින් මිලදී ගත් උසස් තත්ත්වයේ පුද්ගලික ආරක්ෂක උපකරණ 1800ක තොගය පරිත්‍යාග කිරිමෙන් අනතුරුව එම නියෝජිත පිරිස කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහඳ හමුවක් ද පැවැත්විය.

ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය තවදුරටත් පැතිරීම අවම කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම පිළිබඳව අගය කරමින් පැමිණි නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රකාශ කර සිටියේ, සංගමයේ අරමුණු කරගත් පරිදි ව්‍යාපෘතියට අතිමහත් සහයෝගයක් හා ත්‍යාගශීලීභාවයක් ලැබී ඇති බවයි. සුහදත්වයේ සංකේතය අගය කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔවුන්ගේ පරිත්‍යාගය පිළිගනිමින් දැක් වූ සහයෝගය වෙනුවෙන් සංගමයේ සාමාජිකයන්ට ඔහුගේ සුබ පැතුම් එක් කළේය. තවද, එම පරිත්‍යාගයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර, බෙදාහැරීමට නියමිත බවද එම පිරිසට පැවසීය. එම අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ සේවා සංගමයේ නියෝජිත කණ්ඩායම අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මූල්‍ය අධ්‍යක්ෂ කේ.ඩී.එන්. කරුණාතිලක මහතා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ එල්. පී. චිත්‍රරන්ජන මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිකාරක එස්.ටී බුලත්සිංහල, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ජී.එම්. එල් චන්දිම සහ කළමනාකරණ විගණන අධ්‍යක්ෂ එම්. ආර්. ජී. ඒ. බී මුතුකුඩේ මහතා ඇතුළු පිරිස සහභාගී වූහ. short url link | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ