13th November 2023 20:28:05 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 72 වන සංවත්සරය නොවැම්බර් මස 07 දින සිට 10 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව පනාගොඩ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති- මුලතිව් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩීයු උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. එම අවස්ථාවට ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් එක්ව සිටියහ.
සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික ‘පිරිත්’ සජ්ඣායනයක් පැවති අතර, පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනමනු ලැබීය.
සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින කටාන, ‘ත්‍රිවිධ හමුදා සේවාමුක්ත සාමාජිකයින්ගේ නිවහනේ’ නේවාසිකව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීත වැඩසටහනක් සංවිධානය කරන ලදී. අනතුරුව, භටපිරිස් විසින් ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් මත්තේගොඩ, ‘Sappers Leisure Bay’ හිදී නිලධාරීන්ගේ සුහද හමුව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සුහද හමුව පැවැත්විණි.
උත්සව මාලාව සඳහා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.