Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 17:35:33 Hours

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කාතාක් (Muhammad Saad Khattak) මහතා ඉකුත් බදාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුව අතරතුර ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කාතාක් (Major General (Retd) Muhammad Saad Khattak) දෙරට අතර පවතින සුහද සබඳතා පිළිබඳව සිහිපත් කරමින් ජාතීන් දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවය තවත් පුළුල් කරමින් ත්‍රිවිධ හමුදාවන් අතර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද අදහස් පළ කළේය.

මෙහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ මහ කොමසාරිස්වරයාගේ නව පත්වීම පිළිබඳව සිය සුබපැතුම් එක්කරමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සහ පාකිස්තානය අතර පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරිම පිලිබදව සාකච්ඡා කරනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ අතර පැවති සුහද හමුව අවසානයේ සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Sajjad Ali) ද මෙම සුහද හමුවට සහභාගී වූහ. Best Authentic Sneakers | GOLF NIKE SHOES