Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2023 10:37:39 Hours

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්, දිවංගත ඉන්දියානු සාමසාධක හමුදාවේ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා හා කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හයදෙනෙක් සහ යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා දෙසැම්බර් මස 01 දින යාපනය ප්‍රදේශයේ ස්ථාපිත ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී දිවංගත ඉන්දියානු සාමසාධක හමුදාවේ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී නියෝජනය කරමින් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් පාලක සහ භඨකාර්ය සම්පාදන කර්නල් කේ. වීරසිංහ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.