Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2018 08:31:16 Hours

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභ පැතුම්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (06) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදැකීම සඳහා පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානය වෙත පැමිණියහ.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමි වන අතරම, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරය සහ රුක්මලේ ශ්‍රී ධර්මාලෝක විහාරය යන විහාරස්ථාන දෙකෙහිම විහාරාධිපති ධූරය ද හොබවනු ලබයි.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අභිනවයෙන් පත් වූ කුලපති ස්වාමින් වහන්සේ වෙත සිය උණුසුම් සුභපැතුම් පිරිනැමූ අතර, අවැසි සෑමවිටම සිය සහයෝගය ලබාදෙන බවට ද සහතික විය.

එම හමුවේ දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම විශ්වවිද්‍යාලය මඟින් හමුදා නිලධාරීන් සහ උපාධි අපේක්ෂකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිදු කරනු ලබන ද්විපාර්ශවික අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

ලුතිනන් ජෙනරාල් සේනානායක විහාරස්ථානයෙන් නික්මයාමට පෙර, ශ්‍රී බෝධිරාජාරාමය සහ වෙනත් ස්ථානවල සිදු කරනු ලබන සියලු යුද්ධ හමුදා ආගමික ව්‍යාපෘති සඳහා වැඩම කරන ලෙස ද මහානායක හිමියන් වෙත ගෞරවයෙන් ආරාධනා කරන ලදි.

latest Running Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth