Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2016 10:06:25 Hours

ශ්‍රීලවියාඉ කැපවීමෙන් පාවිච්චියට නුසුදුසු වාහන යථා තත්වයට

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ව්‍යාපෘතියකට අනුව පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති ට්‍රැක්ටර් 15 ක්, ට්‍රේලර් 6 ක්, ට්‍රේලර් බවුසර් 6 ක්, සැහැල්ලු වාහන 2 ක් සහ එක් බර වාහනයක් නැවත ධාවනයට සුදුසු තත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇති අතර, මෙය එම ව්‍යාපෘතියේ තුන්වන අධියර වේ. මෙම ව්‍යාපෘතිය මගින් යුද හමුදාව වෙත මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණාගේ මග පෙන්වීම යටතේ සාලියපුර 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මගින් මෙම ව්‍යාපෘතිය සිදු කළ අතර, එහි අණදෙන කිලධාරී සහ සියලුම නිලයන්ගේ දැඩි කැපවීම මත මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම ව්‍යපෘතියේ පළමු හා දෙවන අදියර මගින් පාවිච්චියට නුසුදුසු තත්වයේ තිබූ යුද හමුදා වාහන 15 ක් 20 ත් අතර ප්‍රමාණයක් නැවත ධාවනයට සුදුසු තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණි.

මෙම ව්‍යාපෘතිය මගින් වන්නි ආරක්ෂක සේනා මූලසථානයට අයත් වාහන අලුත්වැඩියා කල අතර, ඉරිදා (16) දින 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී නැවත භාර දීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂකගේ ආරාධනයට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි විය.

එහිදී පැවති උත්සවයේ දී වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා අලුත්වැඩියා කරන ලද මෙම වාහන එම ආරක්ෂක සේනා මූලස්ථානයේ විවිධ කටයුතු සඳහා යොදා ගන්නා බව පවසන ලදී.

මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණා, 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජේ.එම්.ආර් ජයසිංහ ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

Sports Shoes | Nike Releases, Launch Links & Raffles