Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2020 22:15:46 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක සිය ධූරයේ රාජකාරී අරඹයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 22 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් පී කන්දනාරච්චි ඉකුත් සදුදා (15) දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ උත්සවයකදී පැවති ආගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරී භාරගනු ලැබීය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තුව වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක තුමන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඊ.එම්.ජී.ඒ අබන්පොල විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වනු ලැබීය. අනතුරුව එතුමන්ට එම අවස්ථාව සිහිවනු වස් කදවුරු පරිශ්‍රයේ පැලයක් රෝපනය කිරිමට ආරාධනා කළේය. අනතුරුව රෙජිමේන්තු මූලස්ථානයේ සරඹ භූමීයේදී නව කර්නල් සේනාවිධායක තුමන් වෙත භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය.

පසුව, බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනාරච්චි සිය කාර්යාලයේදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් ලැබීය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව පැවැති සියලු නිල තේපැන් සංග්‍රයට සහභාගි වූ එතුමන් නිලධාරීන් ඇමතීමෙන් පසු එදිනට දිනයේ වැඩසටහන නිමාවට පත්විය. spy offers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes