Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2020 06:58:07 Hours

වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 63 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 63 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 63 දෙනා අතරින් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් ජපානයේ සිට මෙරටට පැමිණ හොටෙල් ඊඩ්න් ගාර්ඩ්න් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 61 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (19) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 2,077 දෙනෙකු වේ. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 1,036 දෙනා එම කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයින් වේ.

අද (19) දින උදෑසන UL 455 දරණ මගී ගුවන් යානයෙන් ජපානයේ නරිටා සිට පුද්ගලයින් 10 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (19) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 205 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය. ඒ අනුව, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 37 ක්, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 40 ක්, මන්දාරා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 50 ක්, දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 78 ක් ද වශයෙන් වේ.

අද (19) දිනය වනවිට පුද්ගලයින් 54,328 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (19) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (18) දිනය තුලදී PCR පරික්‍ෂණ 9,838 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 383,961 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (19) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 08 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 08 දෙනා අතරින් පුද්ගලයින් 05 ක් විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් තිදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ලෙස වාර්ථා වේ. short url link | Yeezy Boost 350 Trainers