Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 07:52:01 Hours

වෙසක් සමයේ විවිධ දුෂ්කරතා මධ්‍ය ජීවත්වන පවුල් පනහකට වියළි ආහාර සලාක පාර්සල් ලබා දෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන්, ඉලුප්පඩිචෙනෙයි, ඇතිමලෙයි, කිරන්කුලම් සහ කුරුක්කල්මඩම් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් 50 ක් අතරේ එක් පවුලකට රුපියල් 2000.00, බැගින් වූ මුදලක් සමගින් අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක මළු බෙදා දෙන ලදී. මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍ය අනුග්‍රහය ආචාර්ය කල්පනි දිසනායක, (ඇමරිකාවේ පංදිංච්) දර්ශන ගුණරත්න සහ (මහනුවර) විමල දිසනායක මහත්මිය විසින් ලබා දෙනු ලැබීය.

වෙසක් පුර පසළොස්වක පෝහොය දිනයට සමගාමීව, මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් අතර, අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක බෙදාදීම නැගෙනහිර ආරක්‍ෂ සේනා මූලස්ථානයේ සම්බන්ධිකරනයෙන් 231 බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සිකුරාදා (8) දින සිදු කරන ලදී. මෙම සහන යාත්‍රාව දියත්කිරිම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී සුභාත් සංජීව විසින් පරිත්‍යාගශීලීන්ව සම්බන්ධ කරන ලදී.

කොවිඩ්-19 උවදුරෙන් පීඩාවිදින අඩු ආදායම් ලාභි පවුල්වල ජීවනෝපායට ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම සමාජ සත්කාරක වැඩසටහන දියත් කරනු ලැබීය. Nike Sneakers Store | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov