Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2019 11:03:11 Hours

වීරවිල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙසු නිලයින් හට නව නිවාඩු නිකේතනයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ ‘වැව් සිසිල’ නිවාඩු නිකේතනය බටහිර ආරක්‍ෂක හමුදා අණදෙන නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධානාවකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජූලී මස (8) දින උදෑසන පැවති කෙටි උත්සවයකින් අනතුරුව සෙසු නිලයින් වෙත භාරදෙනු ලැබිණි.

සෙසු නිලයින් සඳහා නිවාඩු නිකේතනයක අවශ්‍යතාවය ඉස්මතු වූ වහාම 2018 ඔක්තෝබර් මස මුල් භාගයේදී ඒ සඳහා මුල්ගල් තබනු ලැබිණි. නවීන පහසුකම් සහිත කාමර 3 කින් සමන්විත වනසේ රුපියල් මිලියන 9.2 ක වියදමකින් යුතු මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදෙනු ලැබුවේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසිනි.

මෙම අවස්ථාවට මතක සටහනක් එක් කිරීමේ අරමුණින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ කර්නල් සේනාවිධායකතුමන් විසින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබිණි. මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා කැප වූ සෙබළුන් හට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රශංසනීය සිහිවටනයක් ද ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිවාඩු නිකේතනයට අවශ්‍ය අමතර උපාංග කිහිපයක් තෑගි කරන ලදී. සුහදතාවය සහ අගය කිරීමේ සංකේතයක් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් විසින් සියළු නිලයන් නියෝජනය කරමින් එම තෑගි පිළිගත් අතර අනතුරුව මෙම නව ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ සියළු නිලයින් සමඟ සමූහ ඡායා රූපයකට ද පෙනි සිටියහ.

ඉඩම් හා දේපළ භට නිවාස අධ්‍යක්‍ෂ මන්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ඇතුළු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.url clone | Sneakers