Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2023 20:21:48 Hours

විශාකා විද්‍යාලීය වර්ණ රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහභාගි වෙයි

විශාකා විද්‍යාල වර්ණ රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21 ) දින සහභාගී විය.

කොළඹ විශාකා විද්‍යාලයේ 2021/2022 වසර සඳහා විශිෂ්ඨ ක්‍රීඩා ජයග්‍රහණ ලැබූවන්ගේ දක්‍ෂතාවයන් ඇගයීමට ලක්කිරීම සදහා මෙම වර්ණ ප්‍රධාන උත්සවය පවත් වනු ලබයි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී වෙත එම විද්‍යාලයේ ජනාධිපති බාලදක්‍ෂිකාවන්, බාලිකා ශිෂ්‍යභටයින් සහ බාලිකා ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම විසින් සම්මාන පෙළපාලියේ ආචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව විදුහල්පතිතුමා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා එම අවස්ථාවට උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ සේනාධිපතිවරයා සහභාගී වීම සම්බන්ධයෙන් විශාකා විද්‍යාලයේ විදුහල්පතිනී මනෝමි සෙනෙවිරත්න මහත්මිය විසින් සිය පිළිගැනීමේ කතාවේදී මහත් ඉහළින් අගය කරන ලදී.

2021/2022 වසර තුළ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් කැපී පෙනෙන ක්‍රීඩා දස්කම් දැක්වූවන්ට වර්ණ පැළඳවීම වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ දී ක්‍රීඩාවේ වැදගත්කම, මානසික හා ශාරීරික වර්ධනය කිරීම, අධිෂ්ඨානය වර්ධනය කිරීම සහ ජීවිතයේ අරමුණ පිළිබඳව ප්‍රධාන ආරාධිත අමුත්තා හරවත් දේශනයක් කරණ ලදී.

මෙම අවස්ථාව සදහා පාසලේ සිසුන්, ගුරුවරුන් ඇතුළු දෙමාපියන් සහභාගි වූහ.