Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2016 16:42:39 Hours

විශ්‍රාම යන මේජර් ජෙනරාල් ලලිත් දවුලගල හට හමුදා උත්තමාචාරය

යුද හමුදාවට සහ මව්බිමට අගනා මෙහෙයක් ඉටු කරමින් යුද හමුදා සේවයෙන් විශ්‍ර‍ම යනු ලැබූ ගජබා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල හට සිකුරාදා (22) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී හමුදා සම්ප්‍ර‍දායානුකූලව උත්තමාචාර පිරිනමනු ලැබීය. උත්සවය ආරම්භ කරමින් මේජර් ජෙනරාල් ලලිත් දවුලගල විසින් දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත ගජබා රෙජිමේන්තු විරුවන් සිහිකරමින් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය. ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රන්ජන් ළමාහේවා විසින් ගජබා රෙජිමේන්තුව වෙත පැමිණි මේජර් ජෙනරාල් ලලිත් දවුලගල පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පරිනමන ලදී. සම්මාන පෙලපාලිය පිරිනැමීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව මේජර් ජෙනරාල් ලලිත් දවුලගල විසින් පෙලපාලියෙහි අණ දෙන නිළධාරී සමග එම පෙලපාලිය නිරීක්ෂණය කරනු ලැබීය. එමෙන්ම එදින ගජබා රෙජිමේන්තු බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නයේ දී තේ පැන් සංග්‍ර‍යක් සහ එම රෙජිමේන්තු නිළධාරී නිවස්නයේ දී ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නිළධාරීන්ගේ සුහද හමුවක් ද පවත්වනු ලැබීය. එම සුහද හමුව සදහා නික්ම යනු ලැබූ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සරෝජා දවුලගල මහත්මිය ද සහභාගි විය. මේ අතරතුර මේජර් ජෙනරාල් ලලිත් දවුලගල විසින් එම රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ නිළධාරී නිවස්නය ද විවෘත කරනු ලැබීය. එමෙන්ම එදින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා විසින් නික්ම යනු ලැබූ කර්නල් සේනාවිධායක හට එම රෙජිමේන්තු නිළධාරීන් සහ සෙසු නිළයින් නියෝජනය කරමින් සමරු තිළිණයක් ද පිරිනමමින් වැඩසටහන නිමා කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති හා විශේෂ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි හිමාෂිනි පෙරේරා මහත්මිය, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.affiliate tracking url | Nike