Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2016 19:20:10 Hours

විශ්‍රාම යන මේජර් ජෙනරාල් බි.ඒ.පෙරේරා වෙත හමුදා ආචාර

ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ තවත් එක් අභිමානවත් පුත්‍රයෙක් වන හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් අරුණ පෙරේරා සේවයෙන් නික්ම යෑම නිමිත්තෙන් සඳුදා (21) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නික්ම යාමේ උත්සවයක් පවත්වන ලදි.

එහිදී 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්.ආර්.එම්.පී.එන්.බී බඹරදෙණිය විසින් මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා පිළිගත් අතර, කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි ගමගේ සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එල්.පි.එස්. තිලකරත්න විසින් මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා පිලිගැනීමෙන් අනතුරුව සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් ඉදිරිපත් කරනු ලැබූ ආචාර සම්මාන පෙළපාලිය පිළිගැනීමට ආරාධනා කරනු ලැබීය.

අනතුරුව බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ, බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස් තිලකරත්න සහ පෙළපාලි අණදෙන්නා සමගින් විශ්‍රාමයාමට නියමිත මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා සම්මාන පෙළලපාලිය නිරීක්ෂණය කරනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා විසින් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

පසුව, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි විය.

වැඩසටහන් නිමාවෙන් අනතුරුව මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ‘ජය ශ්‍රී’ මධ්‍යයේ නික්ම යනු ලැබීය.

එම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Nike footwear | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C