Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 18:45:24 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ කීර්තිමත් සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජනවාරි මස 14) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය හා සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ඇමතීය.

උත්සව කටයුතු අවසන් කරමින් එදින සන්ධ්‍යාවේ නිලධාරී නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.