Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2023 00:09:30 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා යුධෝපකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින දොඹගොඩ, යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ඒ මුණසිංහ ආර්එස්පී යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා ආර්එස්පී ඒඒටීඕ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් ජී.ඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ එම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනී සිටි අතර, අනතුරුව එතුමන් බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එස්එස්සී ඒඒටීඕ වෙත යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති ධූරයේ රාජකාරි භාරදීම් නිල වශයෙන් සිදුකරනු ලැබීය.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, සියළු නිළ තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූ මේජර් ජෙනරල් ජී.ඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ වෙත එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කිරීමෙන් අනතුරුව සිය ස්තූති කථාව සිදුකරනු ලැබීය.

වැඩසටහන් මාලාව සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.