08th December 2023 18:47:15 Hours
විශ්‍රාම දිවියට එළඹෙන ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් 44 දෙනෙකු වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් ඔවුන් සිදුකරනු ලැබූ කැපීපෙනෙන සේවය පැසසුමට ලක්කරමින් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී වූ අතර එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
විශ්‍රාම දිවියට එළඹෙන නිලධාරීන් පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන නිලධාරීන් වෙත ඇගයීම් සහතිකපත් සහ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් වර්ණවත් ප්‍රසංගයක් පවත්වමින් උත්සවය වර්ණවත් කරනු ලැබීය.
උත්සව අවස්ථාව අතරතුරදී, මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ජාතික ශිෂ්‍යභට බලකායේ කාර්යභාරය පිළිබඳ පෙන්වාදෙමින් මාතෘභූමිය වෙනුවෙන් ගුරුභවතුන් වශයෙන් ඔවුන්ගේ නිහඩ වෘත්තීය සේවය ඇගයීමට ලක්කරමින්, සියලු දෙනා වෙත සුබපැතුම් පිරිනැමීය.
එම බලසේනාවේ කර්නල් සුබසාධක විසින් දැනුවත් කිරීමේ දේශනයක් පවත්වමින් සුවසහන වෛද්‍ය පැකේජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා රක්‍ෂණ ක්‍රමයෙන් එම නිලධාරීන්ට ලබාගත හැකි සුබසාධන ප්‍රතිලාභ පිළිබඳව ද මෙම අවස්ථාවේදී දැනුවත් කෙරිණි.
උත්සව අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරි සිදුකරනු ලබන නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.