Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2017 07:55:15 Hours

විදේශීය නියෝජිත පිරිසක් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

දිවයිනට පැමිණ සිටින විද්වතුන් සහ ගැටුම් නිරාකරණ අධ්‍යන වෘත්තීකයන්ගෙන් සමන්විත විදේශීය නියෝජිත පිරිසක් තම ක්ෂේත්‍ර චාරිකාවේ අංගයක් ලෙස සඳුදා (03) වන දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ මූලික අරමුණ වූයේ පශ්චාත් යුධ සමයේ යුද්ධ හමුදාව විසින් සිවිල් ජනතාව වෙත ලබාදෙනු ලබන සහය පිළිබඳව අධ්‍යනයක් කිරීම සඳහා වූ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් එම පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඉහත කරුණු සබැඳිව නිසි අවබෝධයක් පැමිණි නියෝජිත පිරිස හට ලබාදෙන ලදි.

ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශය (ONUR) සහ ජාත්‍යන්තර අධ්‍යන බණ්ඩාරණායක මධ්‍යස්ථානය (BCIS) එක්ව සංවිධානය කළ මෙම සංචාරය සඳහා එක්සත් රාජධානිය, පිලිපිනය, මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනිසියාවට අයත් සිසුන් 15 දෙනෙකු එක්ව සිටියහ.

buy footwear | Nike Shoes, Sneakers & Accessories