Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2020 13:28:23 Hours

විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් සිය ගණනින් මෙරටට පැමිණෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 37 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවත් හික්කඩුව ලංකා සුපර් කොරල් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ ඉන්දියානු සිවිල් නාවික ආරක්‍ෂක නිලධාරින් තිදෙනෙකු (03), මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02), හොටෙල් ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ කටාර් සිට පැමිණි එක් පුද්ගලයෙකු (01), පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ කටාර් සිට පැමිණි පුද්ගලයින් 04 දෙනෙකු, විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ කටාර් සිට පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු ලෙස වාර්තා වන බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (01) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 639 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 518 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ එක් පුද්ගලයෙකු වශයෙන් වාර්ථා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද (01) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 60 දෙනෙකු, UL 230 දරණ මගී ගුවන් යානය මගින් කුවේට් සිට පුද්ගලයින් 216 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට එක් පුද්ගලයෙකු (01) මෙරටට පැමිණ ඇති අතර UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 265 දෙනෙකු, 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 07 දෙනෙකු සහ UL 178 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට පුද්ගලයින් 178 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (01) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 187 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 06 දෙනෙකු, හොටෙල් ෆාම් ගාඩ්න් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 98 දෙනෙකු, ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 04 දෙනෙකු, ෆොරෙස්ට් රොක් ගාඩ්න් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 79 දෙනෙකු ආදී වශයෙන් වේ.

එසේම, අද (01) දිනය වනවිට පුද්ගලයින් 35,142 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. අද (01) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 71 ක් තුළ පුද්ගලයින් 7,576 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (31) දිනය තුලදී PCR පරික්‍ෂණ 2020 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 226,111 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (01) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් අට දෙනෙකු (08) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් අට දෙනා (08) අතරින් පුද්ගලයින් තිදෙනෙකු (03) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් පස් දෙනා (05) දෙනා දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේ. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 624 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 15 දෙනෙකු වේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සාමාජිකයන් හා එම ආශ්‍රිතයන් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් හැරුනුකොට දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් කොවිඩ් - 19 ආසාදිතයින් හමුවන්නේ නැත. ඒ අනුව, කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසි ආකාරව පාලනය කර ඇත. එසේ හෙයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව පිළිපැදීම තුළින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වලක්වාගැනීම සියළු ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමක් වන බව ද එම මධ්‍යස්ථානය තවදුරටත් මහජනතාව වෙත ප්‍රකාශ කර සිටියි. (නිමාව) Running Sneakers | UOMO, SCARPE