Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 07:19:53 Hours

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සුහද සංචාරයක

ස්විට්සර්ලන්ත තානාපතිනී අතිගරු ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt), ජපාන තානාපති අතිගරු හිඩෙකි මිසුකෝෂී (Hideaki Mizukoshi) සහ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැඩිඑල් ෂාක් (Sadile Schalk) යන මහත්ම මහත්මීගෙන් සමන්විත ඒකාබද්ධ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සුහද සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි එම දූත පිරිස උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සුහද හමුවේදී දැනට ක්‍රියාත්මක වන සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘති, සමාජ සුබසාධන කටයුතු, ආර්ථික සහන සේවා කටයුතු, ප්‍රජා සංවර්ධන ආධාර ලබාදීම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. මෙම අවස්ථාවට එම තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.

සුහද හමුව අවසානයේදී, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහන් තැබූ අතර, අනතුරුව සමරු තිළිණ ප්‍රධානයක්ද සිදුකරනු ලැබූහ.