Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 15:41:11 Hours

වැලිගම වෙරළ තීරය පිරිසිදු කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

වැලිගම වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින මෙහෙයවනු ලැබූ අතර 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගැමුණු හේවා බලඇණියේ සහ 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සියගණනක් අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිගම ප්‍රදේශීය සභාව, වැලිගම නගර සභාව, මිරිස්ස වෙරළ ආරක්‍ෂක ඒකකය සහ වැලිගම සංචාරක හෝටල්වල සේවකයින් සමඟ භටපිරිස් එක්ව සංචාරක ආකර්ශනය සහිත මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කළහ. 

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගී විය.  

තවද, මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.  

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 135 ක් පමණ සිය ශ්‍රමදායකත්වය දැක්වූහ. latest Running Sneakers | Men’s shoes