Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:41:20 Hours

වාද්දුව 'Casa de la Playa' උත්සව ශාලාව ජනතාව සඳහා විවෘත කරයි

වාද්දූව, ලයා හෝටල් ආහාර සැණකෙළිය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින ආරම්භ වූ අතර, එම සමාරම්භක උත්සවයේදී ප්‍රතිසංස්කරණය කරන ලද ‘Casa de la Playa’ උත්සව ශාලාව මහජනතාව සඳහා නැවත විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයක් මත ‘Casa de la Playa’ උත්සව ශාලාව අලංකාරවත්වයෙන් සහ උසස් ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් ආරම්භ කරනු ලැබීය.

සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ මාධ්‍ය නියෝජිතයින් ද සහභාගී වූහ.