Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2018 13:00:32 Hours

වන්නි භට පිරිස් අලුත් අවුරුදු සමරයි

2018 - සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (21) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ඇති සියළුම බළඇණියන්හි සේවයේ නියුතු සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සම්ප්‍රදායික සිංහල හා දමිළ අලුත් අවුරුදු චාරිත්‍රයන්ට මූල්තැනක් දෙමින් අලුත් අවුරුදු උත්සවය සමරනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟින් එතුමන්ගේ ආදරණීය මෑණියන් වන පියසිලි පෙරේරා මැතිණිය ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ජාතික ධජය ඔසවා සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අලුත් අවුරුදු උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කුමා ජයපතිරණ සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් රංජන් ප්‍රේමලාල් ගේ අධීක්ෂණය මත මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ පැවැති සම්ප්‍රදායික සිංහල හා දමිළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සඳහා ආඥාපතිතුමන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ද සහභාගි විය.

එහිදි නිර්මාණය කරන ලද ගැමි ගෙදර දී සුභ මොහොතින් සංකේතාත්මකව ලිප ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනු ලැබීය. ඒ අතරතුර, ගැමි ගෙදර පරිශ්‍රයේ පිහිටි කාබනික ගොවිපලේ ද සියලුදෙනා සංචාරය කළහ.

පාපැදි තරඟ, මාර්ග ධාවන තරඟ, කොට්ටාපොර තරඟය, රබන් ගැසීම, ග්‍රීස් ගසේ නැඟිම, අලියාට ඇස තැබීම, සෙමින් බයිසිකල් පැදීම, කඹ ඇඳිම, විකට ඇඳුම් තරඟය වැනි ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසක් මෙහිදි පැවැත්විය.

61, 62 සහ 56 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ආරක්‍ෂක සේනා‍මූලස්ථානයේ සියළුම සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Nike Sneakers | Nike Releases, Launch Links & Raffles