Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 18:36:59 Hours

වන්නි භටපිරිස් ස්වාධින රූපවාහිනි සේවය සමඟ එක්ව අඩුආදාම්ලාභි පවුලක් වෙනුවෙන් 14 වන නිවසෙහි ඉදිකිරීම් සම්පුර්ණ කරයි

සමාජ සුභසාධන ව්‍යාපෘතින් යටතේ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අභිනවයෙන් ඉදිකළ 14 වන නව නිවස ඉකුත් සෙනසුරාදා (18) දින විවෘත කරන ලදී.  

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ මඟපෙන්වීම මත දියත් කරනු ලැබූ මෙම සුභසාධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභියා ලෙස කහටගස්දිගිලිය සීප්පුකුලම්, සමාධිගම හි පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන සිරිල් සෙනෙවිරත්න මහතා වෙත මෙම නිවස භාරදීම් කටයුතු සිදු කෙරිණි.  

විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ අවධානයට ලක්වීමෙන් අනතුරුව අන් අයට ආදර්ශයක් වෙමින්, ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) කාර්ය මණ්ඩලය සහ ප්‍රේක්‍ෂකයින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත. මෙහි සම්බන්ධිකරණ කටයුතු වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ජි.ඒ.එල් කිත්සිරි විසින් සිදුකරන ලදී.

මෙම සමස්ථ ව්‍යාපෘතිය 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලද අතර 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්ගේ මඟපෙන්වීම යටතේ 7 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නද්ධ බළකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදී.

සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර ආදී සියලු පහසුකම් වලින් සමන්විත අභිනවයෙන් ඉදිකරන ලද නිවසට රු. 100,000/= ට අධික වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ තොගයක් ද විවෘත කිරීමේ උත්සවයේදී පරිත්‍යාග කෙරිණි. එමෙන්ම, රුපියල් ලක්‍ෂයකට අධික වටිනා නවීන විදුලි නළ ළිඳක් ද මෙහිදි ප්‍රතිලාභියාට පරිත්‍යාග කිරිම සිදුවිනි.

නවතමයෙන් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභියා වෙත පරිත්‍යාග කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සහභාගී විය. එහිදි, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නව නිවසේ යතුරු නිවසලාභියා වෙත භාරදීමේ කටයුතු සිදු කරන ලදී.  

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ස්වාධීන රූපවාහිනි ජාලයේ සභාපති සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා, ස්වාධීන රූපවාහිනී ජාලයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනුර දොලකුඹුර, 212 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බළකායේ අණදෙන නිලධාරි සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම එම ගම්මානයේ බොහෝ පිරිසක් සහභාගී වූහ.Image Running Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos