Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 11:45:56 Hours

වන්නි භටපිරිස් විසින් තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් වන්නි භටපිරිස් විසින් අඛණ්ඩව දියත් කරනු ලැබු සුභසාධන වැඩසටහන්වලට සමගාමීව, වැලිඔය, කල්‍යාණිපුර පදිංචි තවත් අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් 21 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව නිවස ඉකුත් සිකුරාදා (30) දින නිවාසලාභීන් වෙත නිලවශයෙන් භාරදෙන ලදී.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ඉල්ලීමකට අනුව, බොඩිලයින් පුද්ගලික සමාගම (Bodyline Pvt Ltd) සහ මූල්‍යමය අනුග්‍රහය ඇතිව මහත් දුෂ්කරතා මධ්‍යයේ දරුවන් සමගින් නිවසක් නොමැතිව ජිවත්වන වැන්දඹූ මවක් වන එම්.ජී රෝහිණි මහත්මියට මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.

විදුලිය සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සමගින් අංගසම්පූර්ණ නව නිවස නිවාසලාභියා වෙත භාරදීමේ උත්සවය 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා බොඩිලයින් පුද්ගලික සමාගමේ (Bodyline Pvt Ltd) අධ්‍යක්‍ෂ මෙන්ම මානව සම්පත් කළමනාකරු වෙනුර අත්තනායක මහතා ද සහභාගී විය. bridgemedia | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify