Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 20:20:33 Hours

වන්නි ප්‍රදේශයේ තවත් දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

පදවි, ශ්‍රී පුර ප්‍රදේශයේ තවත් දිළිඳු පවුලක් වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගිය අඟහරුවාදා (9) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති සරල උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.

නිවාසලාභී අජිත් ප්‍රේමකුමාර මහතා සිය බිරිඳ ඇතුළු දරුවන් සිව්දෙනා සමඟ දිගු කලක් තිස්සේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙමින් පදවි, ශ්‍රී පුර ප්‍රගතිපුරන් ප්‍රදේශයේ ජීවත් විය. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කර්නල් අනිල් පීරිස් මෙම පවුල අත්විදින ආර්ථික දුෂ්කරතා පිළිබඳ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව අසරණ පවුලකට උපකාර කිරීමේ බලපොරොත්තුවෙන් සිටි ඕස්ට්‍රේලියාවේ පදිංචි ලෙස්ලි සමන් මාරසිංහ මහතා සමඟ එක්ව මෙම නිවස ඉදිකරදීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව, මෙම නිවසෙහි ඉදිකිරීම් කටයුතු වර්ෂ 2019 මැයි මස 02 දින ආරම්භ කළ අතර 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යූ.ඩී. ජයසිංහ ගේ මඟපෙන්වීම මත 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.බී. අමුණුගම ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් දින 70 කට ආසන්න කාලයක් තුලදී නිවසේ ඉදිකිරීම් කටයුතු නිම කරන ලදි. මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය දැක්වූ ධානපති ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ලෙස්ලි සමන් මාරසිංහ මහතා විසින් එම නිවසට අවශ්‍ය ගෘහ උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

නව නිවස භාරදීමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි ආරාධනයකට අනුව ධානපති ලෙස්ලි සමන් මාරසිංහ මහතා සිය පවුලේ සාමාජිකයින් සමඟ සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යූ.ඩී. ජයසිංහ, 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.බී. අමුණුගම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කර්නල් අනිල් පීරිස්, 62 වන සේනාංකය සහ 622 වන බලසේනාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය නිවාස අවශ්‍යතා ඇති පවුල්වලට නිවාස ඉදිකරදීම සඳහා දැඩි උනන්දුවක් දක්වන අතර පසුගිය වර්ෂ කිහිපය තුලදී පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව මැදවච්චිය, පූල්එළිය, සැලළිහිනිගම, ගනේෂපුරම්, පන්පෙමඩු සහ වැලිඔය යන ප්‍රදේශවල නිවාස නොමැති පවුල් හතකට ස්ථීර නිවාස හතක් ඉදිකර දී ඇත. තවත් එවැනි ව්‍යාපෘතීන් කිහිපයක් මේ වනවිට ද ක්‍රියාත්මක කරමින් පවතී. Sports brands | Nike Air Max 270