Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 22:54:21 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය ආරම්භ කරන ලද සුභසාධන ව්‍යාපෘතිවලින් සිසුන් හා සිවිල් වැසියන් 80 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් තවත් සුභසාධන ව්‍යාපෘතියක් ඉකුත් ඉරිදා (12) දින ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විවිධ සමාජ සේවා ව්‍යාපෘතියින්හී ත්‍යාගශීලිත්වය ඇතිව පදවි, මාමදුව, බොගස්වැවා සහ මහකච්චිකුඩිය යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසු සිසුවියන් 30 කට අධික පිරිසකට සහ එම ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

අළුලෙන විහරස්ථානයේ ප්‍රධාන වත්මන් සංඝ නායක කෑගල්ලේ පූජ්‍ය අත්තනගොඩ සෝමවංස හිමියන් 'සූරිය දරුවෝ' පදනමේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් උපාංග තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ද සහභාගී විය. ඒ හා සමානව වැලිඔය සම්පත්නුවර විද්‍යාලයේදී එදිනම (12) දින සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් එම ප්‍රදේශයේ අගහිඟකම් ඇති පවුල් අතර වියළි සලාක පාර්සල් 50 ක් බෙදා දෙන ලදී.

සූරිය දරුවෝ පදනමේ අනුශාසක කෑගල්ලේ අළුලේන විහරස්ථානයේ ප්‍රධාන වත්මන් සභාපති, අත්තනගොඩ සෝමවංශ හිමියන් අනාගතයේ දී ද මෙවැනි වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබා දෙන බව එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජී.ඒ.එල්. කිත්සිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ගුරුවරුන්, සිසු සිසුවියන්, දෙමාපියන් සහ ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී විය. Running Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov