Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2020 21:25:27 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ පිළිබඳ වැඩමුළුක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්විණි.

යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන්ගේ චිත්ත ධෛර්යය නංවාලීමේ අරමුණින් ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ යන මැයෙන් වැඩමුළුවක් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ඉකුත් සිකුරාදා (19) දින පවතවන ලදී.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න ගේ මඟපෙන්වීම පරිදි එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති සහ මේජර් ටී.පී.ජී.කේ.පී අල්විස් විසින් මෙම දේශණය පවත්වන ලදී. මෙම වැඩමුළුවට නිලධාරීන් 32 දෙනෙක් සහ සෙසු නිලයින් 100 දෙනෙකු සහභාගී වූහ. Best Sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth