Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 12:21:32 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් තවත් සමාජ සත්කාර ව්‍යාපෘතියක් දියත් කරයි

යුද්ධ හමුදාව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අධියරක් ලෙස පෞද්ගලික පරිත්‍යාගශීලි රාජා ජූවලර්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර ගල්වඩුවගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 130 දෙනෙකුට නොමිලේ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ ගේ අධීක්‍ෂණය යටතේ 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ මූලිකත්වයෙන් දියත් කරන ලදී.

වන්නි ප්‍රදේශයේ දුෂ්කර පාසල්වල අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නඟා සිටුවීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පසුගිය සති කිහිපය තුළ පාසල් බලධාරීන් සහ අදාළ ග්‍රාම සේවා නිලධාරීන් සමඟ සාකච්ඡා කර තෝරාගනු ලැබූ පාසල් සිසුන් වෙනුවෙන් මෙවැනි පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් පහකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත.

කර්නල් අනිල් පීරිස් විසින් කරන ලද සම්බන්ධිකරණයේ ප්‍රතිඵලයක් ලෙස කීර්තිමත් දානපතියෙකු හා සමාජ සේවකයෙකු වන රාජා ජුවලර්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අතුල එලියපුර මහතා මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබාදී ඇති අතර පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්නල් අනිල් පීරිස් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 212 බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුරාධපුර ගල්වඩුවගම විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ. Best Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%