Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 12:00:02 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් ජූලි මස 29 සහ 30 දිනයන්හි 61 සහ 54 වන සේනාංකයන්හි නිල සංචාරය නිරතවිය.

61 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස් කැටකුඹුර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කිරිම සඳහා ද එතුමන් වෙත ආරධනා කළේය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය.

ඉන් අනතුරුව, 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංකයට පැවරි ඇති වගකීම් සහ රාජකාරීන් පිළිබඳව නව ආඥාපතිතුමන්ට සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. සංචාරය අවසානයේ, ආඥාපතිතුමන් 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය. 61 වන සේනාංකයේ සිදු කල සංචාරයෙන් අනතුරුව ආඥාපතිතුමන් පම්පේමඩු හි පිහිටි බලඇණි පුහුණු පාසලේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය. එහිදි, පුහුණු පාසලේ යටිතල පහසුකම් සහ අනෙකුත් පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම සඳහා එහි පුහුණු කටයුතු භාර නිලධාරීන්ට ආඥාපතිතුමන් උපදෙස් දුන්නේය.

පසුදින, 54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව වන්නි ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එතුමන් වෙත පිරිනමනු ලැබීය. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කරනු ලැබීය. අනතුරුව, , 54 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංකයට පැවරි ඇති වගකීම් සහ රාජකාරීන් පිළිබඳව නව ආඥාපතිතුමන්ට සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

මෙම සංචාරයෙන් අනතුරුව, යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වන රක්‍ෂිතය නැවත රෝපණය කිරීමේ අරමුණින් සිලාවතුර ප්‍රදේශයේ සිදුකරනු ලැබු රුක් රෝපණ වැඩසටහනකට 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන එක්විය.

තවද, මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් හා අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. trace affiliate link | Nike Shoes, Sneakers & Accessories