Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2020 10:01:25 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් තවත් නිල සංචාරයක නියැළෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් සඳුදා (22) දින 56 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.

එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එන් අමරසේකර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම සංචාරය සංකේතවත් කරමින් ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

ඉන් අනතුරුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ බලසේනාධිපතිවරුන් විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මකව විස්තරයක් ඉදිරිපත් කරමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කරනු ලැබූහ.

පසුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 561 සහ 563 වන බලසේනා මූලස්ථානයන්හි සහ ඒ යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු වලද සංචාරය කරනු ලැබීය. Sportswear free shipping | Sneakers