Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2018 19:30:15 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ භඨ පිරිස් ‘මහා ශීව රාත්‍රී’ පූජාව සමරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨ පිරිස් ප්‍රදේශයේ බැතිමතුන් හා එක්ව වවුනියාව, ශ්‍රී කන්දස්වාමී කෝවිලේ ‘මහා ශීව රාත්‍රී’ දිනට සමගාමීව විශේෂ පූජාවක් අඟහරුවාදා (13) දින පවත්වනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ හින්දු ආගමික භඨ පිරිස් ද සේවයේ නියුතු බැවින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත මෙම පූජාව සංවිධානය කරන ලදී.

මෙම විශේෂ පූජාව කෝවිලේ ප්‍රධාන කුරුක්කල් එන්. දේවරාජ විසින් පවත්වනු ලැබූ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම පුජාව සඳහා එක්ව සිටියහ.

Authentic Nike Sneakers | FASHION NEWS