Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2016 15:29:20 Hours

වන්නි ආඥාපති සිය කාර්යාලයෙන් සමුගනි

මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වසර 4 කට අධික කාලයක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කර සෙනසුරාදා (05) සිය කාර්යාලයෙන් සමුගන්නා ලදි.

එහිදි මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරදීම සිදු කෙරිනි.

එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් ඇමතු අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කළ කාලය තුල දී තමා වෙත නොමද සහයෝගය ලබා දුන් සියලුදෙනා වෙත ස්තුතිය පුද කිරීම ද මෙහිදි සිදු කෙරිනි. එදින සියලු නිලයින් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද, නිලධාරීන් සමඟ රාත්‍රි භෝජන සංග්‍රහයකට ද සහභාගි වූහ. එහිදි නික්මයන ආඥාපති වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

Adidas footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov