Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2018 13:10:48 Hours

වන්දාරමුල්ල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී අලුත් අවුරුදු සමරයි

සිංහල හා දමිළ නව අවුරුදු උදාවට සමගාමීව සන්නද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර හොඳහිත, සංහිදියාව සහ සාමකාමි සහජිවනය වර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය මඩකලපුව, වන්දාරමුල්ල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී ඉරිදා (22) දින පැවැත්විණි.

මෙම අලුත් අවුරුදු උත්සවය 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූල අබේනායක ගේ මඟපෙන්වීම මත මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම ජනවර්ගයාගේ සහයෝගය ඇතිව පවත්වනු ලැබීය.

අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහභාගි විය. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ධජය ඔසවා සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අලුත් අවුරුදු උත්සවය ආරම්භ විය.

මාර්ග ධාවන තරඟ, පාපැදි ධාවන තරඟ, අලියාට ඇස තැබීම, ලිස්සන ගස නැගීම, බනිස් කෑම, පොල්අතු වීවිම, කොට්ටාපොර, ගෝනි රේස්, කඹ ඇඳිම, කණාමුට්ටි බිදීම, සැඟවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරඟය, පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරිමේ තරඟ ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රිඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූවන් විනෝදස්වාදයට පත්විය.

සියළුම ජනවර්ගයන් හා සන්නද්ධ හමුදාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් පැවැති අලුත් අවුරුදු උත්සවයේ තරඟ ඉසව්වන් සඳහා සහභාගිවී ජයග්‍රහණය ලැබූවන්ට ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් උදය කුමාර මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූල අබේනායක, මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වයි.ජේ. ජාගොඩාරච්චි මහතා, එරාවුර්පත්තු - චෙන්කලඩි දිස්ත්‍රික් ලේකම් එම්. මොහිඩින් මහත්මිය, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් මිචෙල් වන්නිආරච්චි, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියළුම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් මෙන්ම සිංහල, දමිළ සහ මුස්ලිම් ප්‍රජා නායකයින් රැසක් ද එක්ව සිටියහ.

Sport media | Nike sneakers