Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:25:22 Hours

වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කරයි

වර්තමාන ආරක්‍ෂක ගැටළු සහ පූර්වාරක්‍ෂක පියවරයන් පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (9) දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ට්‍රිපොලි පරිශ්‍රයේදී පැවැත්විණි.

14 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධීකරණ) ලුතිනන් කර්නල් එම්.බී.බී.එන්. හේරත් විසින් මෙහෙයවූ මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු 40 ක් පමණ සහභාගි වූහ.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව 14 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත පවත්වන ලදී.

එමෙන්ම, මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අධියර ඉකුත් බදාදා (10) දින පැවැති අතර ඒ සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් 30 ක් පමණ සහභාගි වූහ. Sports brands | nike air force 1 shadow , eBay