Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 19:18:28 Hours

වඩ්ඩකච්චි ප්‍රදේශය නව අවුරුදු සිරියෙන් ඇලලේ

සිංහල හා දෙමළ සංස්කෘතික බැදීම තවදුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ ගේ උපදෙස් පරිදි එම බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද නව අවුරුදු උත්සවය අඟහරුවාදා (17) දින වඩ්ඩකච්චි මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම නව අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.

සම්ප්‍රදායිකව පොල් තෙල් පහන් දැල්විමෙන් අනතුරුව ආරම්භ වු නව අවුරුදු උත්සවය ජන ක්‍රීඩා හා විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩා වලින් සමන්විතවු අතර අවුරුදු උත්සවය සඳහා 1000 කට අධික හමුදා සහ සිවිල් වැසියන් සහභාගිවෙමින් විනෝදාස්වාදයක් ලබන ලදී.

මේ අවස්ථාව සඳහා 57 වන සේනාංකය යටතේ වන සියළුම බලසේනාංකයන් හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටින ලදී.

Sport media | Womens Shoes Footwear & Shoes Online